ප්‍රධාන වාස්තු ශක්තියට අමතරව කාලයෙන් කාලයට නිවස තුල, ගොඩනැගිල්ල තුල, රැකියා ස්ථානය තුල වාස්තු ශක්තියේ යම් විචලනයන් හෙවත් වෙනස්වීම් ඇතිවෙයි. එය විචල්‍ය වාස්තු ශක්තිය ලෙස හඳුන්වනු ලබයි. අප දන්නා සාමාන්‍ය වාස්තු, ස්ථාවර වාස්තු ශක්තිය යටතට අයත්වන අතර, මෙම පරිච්ඡේදයෙන් විචල්‍ය වාස්තු ශක්තිය අහිතකරවන මාස පිළිබඳව සාකච්ඡා කෙරේ.
මේ අනුව මාසයෙන් මාසයට යම් යම් දිශා වල, ගොඩනැගිල්ල තුළින් අහිතකර ශක්තීන් ඒකාරාශී වීම සිදුවේ. මෙම අහිතකර ශක්තිය නිසා ධන හානි, ලෙඩ රෝග, අඹුසැමි ආරවුල්, අධ්‍යාපන ගැටලු, රැකියා ගැටලු, ආදායම් මාර්ගවල උස් පහත් වීම් ආදී ලෞකික ජීවිතයේ ගැටලු මෙන්ම මානසික අසමතුලිතතාවය කේන්තියාම ආදී දේවල්ද ඇති විය හැකිය. ඔක්තෝබර් මාසය ට අදාල විස්තර පහත දැක්වේ
අසුභ දිශාව:- බස්නාහිර
පිළියම :- කාසි හතේ ලුණු භාජනය අසුභ දිශාවේ තැබීම මගින් යම්තාක් දුරකට අසුභය පාලනය කර ගත හැකිය
ලුණු භාජනය සකසන අයුරු:-
පෝසිලේන් හෝ වීදුරු භාජනයක් ගන්න. එහි අඩක් පමණ කැටලුණු පුරවන්න. ලුණු ටික තලපයක් වන තෙක් වතුර ස්වල්පයක් එක් කරන්න. වැඩි වතුර බේරා ඉවත් කරන්න. ඉන්පසු කාසි හතක් ගෙන සෝදා පිරිසිදුකර ලුණු මත අතුරන්න. කාසි එකිනෙක ස්පර්ශ නොවන සේ තැබිය යුතුය. පසුව මෙය නිවස තුල මාසයට අදාල අසුභ දිශාවේ තබන්න. මාසය ඉවර වූ පසු ලුණු බඳුන ගෙදර පිටුපස දොරෙන් එළියට ගෙන ගොස් ගලා යන ජලයකට ලුණු සහ කාසි දමන්න. බඳුන සෝදා නැවත ප්‍රයෝජනයට ගත හැකියි. මාසය අවසන් වූ පසු ඊළඟ මාසයට නියමිත ප්රතිකර්මය යළිත් ආරම්භ කරන්න. ලුණු සහ කාසි අහිතකර ශක්තිය ඇදගෙන ගබඩා කරගන්නා බැවින් කිසිවෙකුට පෑගෙන සේ නොදැනීමට කාරුණික වන්න. මාස වලට වෙනස් වන්නේ දමන කාසි සංඛ්‍යාව පමණි. සෑම මසකම මෙම පිටුවේ එම සංඛ්‍යාව සඳහන් කරනු ලබයි. මෙම පිටුවෙන් ඊළඟ මාසයටත් විස්තර බලාගන්න.
මෙම ප්රතිකර්මය මගින් අසුභ ශක්තීන් යම්තාක් දුරකට පාලනය වේ. නිවැරදි ලෙසම පාලනය කර ගැනීමට අවශ්‍ය උපදෙස් 077 222 5023 අංකයට වට්ස්ඇප් පනිවිඩයක් යොමුකර දැනගන්න. උපදෙස් සදහා අයකිරීම් සහිත විය හැකිය.