2026 වසර සදහා විචල්‍ය වාස්තු පාඨමාලාව
වාස්තු කියූ සැනින් අපගේ මතකයට එන්නේ ඡනෙල් දොරවල් නියමිත ඔත්තේ ඉරට්ටේ ගණනකින් තැබීම- සුභ වර්ගඵලයකට දිග පලල ගෙන නිවස සෑදීම- වහලේ දෝෂ නොඑන සේ වහල ගැසීම ආදී අප දන්නා සාමාන්‍ය කරැණු වේ.
පොදුවේ එසේ අප භාවිතා කරන හා දන්නා වාස්තු, ස්ථාවර වාස්තු ශක්තිය ලෙස හදුන්වමු
ස්ථාවර වාස්තු ශක්තිය-
භූගෝලීය ශක්තිය- අන්තරීක්ෂක ශක්තිය- චුම්භක ශක්තිය-අවකාශ ශක්තිය පදනම් කරගෙන නිවසක ගොඩනැගිල්ලක වාස්තු ශක්තිය පරීක්ෂා කිරීම මෙම නමින් හඳුන්වයි. ගෘහපිණ්ඩය ගණනය කිරීම- පංචභූත ශක්තිය විශ්ලේෂණය කිරීම- දිශා ශක්තින් ගණනය කිරීමත් ආදී සාමාන්‍යයෙන් අප දන්නා වාස්තු පරීක්ෂාව මෙම ගණයට අයත් වේ මෙහිදී වාස්තු ශක්තිය පෘථිවියට සාපේක්ෂව ස්ථාවරයයි සලකා කටයුතු කරයි.
විචල්‍ය වාස්තු ශක්තිය යනු කුමක්ද?
පෘථිවිය නිශ්චල නැත ග්‍රහයින් නව දෙනාද නිශ්චල නැත. ඒවා භ්‍රමණ පරිභ්‍රමණය වේ. කරකැවේ ගමන් කරයි එමෙන් ම පෘථිවියට සාපේක්ෂව සූර්යාද වසරේ විවිධ කාලවලදී විවිධ කෝණයන්ගෙන් පෘතුවියට තම ශක්තිය එල්ල කරයි. මේවා නිසා පෙර ස්ථාවර වාස්තු ශක්තින්ගේ මෙන්ම පුද්ගලික වාස්තු ශක්තීන්ගේද යම් යම් විචල්‍යතා ඇති වේ. එය විචල්‍ය වාස්තු ශක්තියයි.
විශ්ව වාස්තු ශක්තීන් නූතන කැලැන්ඩර් දින කාල වකවානු අනුව වැඩ නොකලත් මෙහිදී අපි අපේ ප්‍රායෝගික පහසුව තකා ඡනවාරි මස සිට දෙසැම්බර් දක්වා අතර මාස 12 තුලදී 2026 වසරට අදාලව විචල්‍ය වාස්තු ශක්තියේ හැසිරීම අපගේ නිවාස ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපාර ස්ථාන ආදී විවිධ භෞතික වාස්තූන් සදහා බලපාන අයුරැ මෙතැන් සිට අධ්‍යනය කරමු. 2026 වසරේ දෙසැම්බර් වලින් පසුව මේ ශක්තීන් නැවත වෙනස් වීම් වලට ලක්වේ. විචල්‍ය යන වචනයේ අර්ථයම පවා වෙනස් වීම වේ.
හැම ගෙදරකටම හැමදාම අහේනිය කරදර පීඩා නෑ. සමහර වසරවල් තියෙනව උතුරන්න හරියනවා. සමහර වසරවල් තියෙනව නැත්තටම නැති වෙනවා, රෝගී වෙනවා. එහෙම කාලෙන් කාලෙට නිවසේ බලය වෙනස් වෙන්නෙ විචල්‍ය වාස්තු ශක්තිය නිසයි.
ස්ථාවර වාස්තු ශක්තිය හෙවත් සාමාන්‍යයෙන් අපි පොදුවේ දන්නා වූ මහා වාස්තු සිද්ධාන්ත වලට අනුකූලව සුභ ලෙස වර්ග කර, නියමිත ලෙස පංච භූත ශක්තීන් තුලනය කර, වහල නිවරැදිව ගසා සාදන ලද නිවසක් වුවද, එයටද මෙම විචල්‍ය වාස්තු ශක්තිය යම් මට්ටමකින් හෝ බලපෑමක් ඇති කරයි. උදාහරණ ලෙස කෙතරම් සුභව වාස්තුනුකූලව නිර්මාණය කලද කාලයෙන් කාලයට විචලනය වන්නා වූ වාස්තු ශක්තියේ අසුභ බලපෑමක් ඇත්නම් එය විසින් සුභ ඵල යටපත් කරයි (ඒ අදාල කාල සීමාව තුල පමනක්) එකලට රෝග/ හදිසි අනතුරැ/ ධන හානි/ රණ්ඩු සරැවල් ආදී දේ ටිකක් හෝ දෙයි.
එලෙස ස්ථාවර වාස්තු ශක්තිය හෙවත් සාමාන්‍යයෙන් අපි පොදුවේ දන්නා වූ මහා වාස්තු සිද්ධාන්ත වලට එරෙහි ලෙස අසුභ ලෙස වර්ග කර, අනිසි ලෙස පංච භූත ශක්තීන් ගලපා වහල වැරදියට ගසා ආදී ලෙස වාස්තු දෝෂ සහිතව සාදන ලද නිවසක් ඇත්තේ නම් , විචල්‍ය වාස්තු ශක්තියද අසුභ ලෙස හැසිරෙන කාල සීමා පැමිනි කල්හි එම ගෙදරට බොහෝ බරපතල අනිටු ඵල ඇති කරයි. එවැනි නිවෙස් වලට රෝග/ මරණ/ හදිසි අනතුරැ/ ධන හානි/ රණ්ඩු සරැවල් ආදී දේ ඉතා තදින් දෙයි. මන්ද මහා වාස්තුද (ස්ථාවර වාස්තු ශක්තිය) ඒ නිවසේ වැරදිය, කාලානුරෑපව එලඹ ඇති විචල්‍ය වාස්තු ශක්තියෙන්ද ඒ අසුභ තවත් ඔප් නංවා පන්න පන්නා පහර දෙයි.
ස්ථාවර වාස්තු ශක්තියන් යටතේ කොහොම සුභ ලෙස හැදුවත් ඒ ඒ කාල වලදි වාස්තු ශක්තිය විචලනය වෙද්දි ඊට අනුකූලව අදාල ප්‍රතිකර්ම කර ගත යුතු බව මින් අදහස් කෙරෙයි.
මේ අනුව වාස්තු ශක්තීන් වල ප්‍රධාන ආකාර 3ක් ඇති බව ඔබට වැටහෙනු ඇත
01. ස්ථාවර වාස්තු ශක්තිය - මහා වාස්තු
02. විචල්‍ය වාස්තු ශක්තිය - ග්‍රහ චලිත හා වෙනත් ශක්ති නියම අනුව පෘථිවියේ වාස්තු ශක්තීන් විචලනය වීම
03. පුද්ගලික වාස්තු ශක්තිය - එකම නිවසේ සිටියද පුද්ගලයාගෙන් පුද්ගලයාට වාස්තු ශක්තිය බලපාන අයුරැ වෙනස් වේ (උදා- වාස්තු දෝෂයක් නිසා පිලිකාවක් වැලදීම නිවැසි හැමෝටම නොව එක් නිවැසියකුට පමනක් බලපෑම)
ඉතින් 2026 වසර සදහා මෙම විචල්‍ය වාස්තු ශක්තියේ හැසිරීම අධ්‍යනය කිරීම මෙම පාඨමාලාවෙන් සිදුවන අතර පාඨමාලාවේ අන්තර්ගතය පහත පරිදි වේ.
අන්තර්ගතය-
01. දිශා 8 තුල සහ නිවස තුල විචල්‍ය වාස්තු ශක්තියේ ශක්ති ගලනය 2026 වසරට සාපේක්ෂව හදුනා ගැනීම
02. හදුනා ගත් ශක්තීන් වල සුභ අසුභතා වර්ග කිරීම
03. සුභ තාවයන් නිසා ඇතිවන ප්‍රතිපල හදුනා ගැනීම හා ඒවා වඩාත් බලවත් කරන ආකාරය
04. අසුභ තාවයන් නිසා ඇතිවන දුර්විපාක හදුනා ගැනීම හා ඒවා ඉවත් කරන ආකාරය
05. නිවස තුල ධන නිල හදුනා ගෙන ඒවා බලවත් කිරීම මගින් 2026 වසර තුල උපරිම ආදායමක් නිවසට, ව්‍යාපාර ස්ථානයට, රැකියාවෙන් ලබා ගන්නා ආකාරය
(ස්ථාවර වාස්තු ශක්තිය යටතේ ධන නිලය නිරිත දිශාවේ පිහිටියද 2026 මේ වසරේදී එය වෙනත් දිශාවකට විචලනය වේ. පහත සදහන් අනෙකුත් නිලද ඒ ආකාරයෙන්ම චලනය වී වෙනස් වේ)
06. නිවස තුල අධ්‍යාපන නිල හදුනා ගෙන ඒවා බලවත් කිරීම මගින් 2026 වසර තුල උපරිම අධ්‍යාපන දියුණුවක් ලබන ආකාරය
07. නිවස තුල දරැඵල නිල හදුනා ගෙන ඒවා බලවත් කිරීම මගින් 2026 වසර තුල වාසනාවන්ත දරැපිලිසිද ගැනීම් ලබන ආකාරය. (දරැවන් තවම නොමැති අයට මෙම නිලය බලවත් කර උත්සාහ කල හැකිය)
08. නිවස තුල විවාහ නිල හදුනා ගෙන ඒවා බලවත් කිරීම මගින් 2026 වසර තුල වාසනාවන්ත කලත්රයකු ලබාගෙන විවාහ වාසනාව ලබන ආකාරය. (විවාහ ප්‍රමාද අයට මෙම නිලය බලවත් කර උත්සාහ කල හැකිය)
09. පවුල් ආරවුල් ඇත්නම් සමගි සම්පන්න සෞභාග්‍යමත් යුග දිවියක් ගත කිරීමටද මෙම විවාහ නිලය උපකාරී වේ.
10. කෙටි කෙම් ක්‍රම මගින් දෝෂ ඉවත් කරන ආකාරය
11. පංචභූත ශක්තියෙන් දෝෂ ඉවත් කරන ආකාරය
12. වර්ණ භාවිතයෙන් දෝෂ ඉවත් කරන ආකාරය
13. නිවසේ ඒ ඒ කොටස්/ දිශා වලට අදාල ලෙඩ රෝග හදුනා ගැනීම හා ඉන් වැලකීම (උදා- 2026 වසරේ උතුරැ දිශාව ඉතා තදින් ශ්වසන ආබාධ හා පෙනහැලි රෝග සදහා බලපවත්වයි)
14. එමෙන්ම පෙර/අපරදෙදිගම භාවිතයට ගන්නා ඉතා බලවත් හා රහස් ගුප්ත වාස්තු ප්‍රතිකර්ම හා වාස්තු උපකරණ තමා විසින්ම සාදා ගන්නා ආකාරය කියා දෙයි.
15. ගුරැවරයා විසින් වසර ගණනාවක් සත්‍යතාව පුද්ගලිකව අත් දැක්කා වූද, තමාගෙන් වාස්තු පරීක්ෂා කරගත් සේවා ලාභීන්ගේ සෙත ශාන්තිය උදෙසා යොදවා ප්‍රතිඵල සහිත වූද විශිෂ්ඨ සිද්ධාන්ත සමූහයකි.
16. මෙම අන්තර්ගතයේ මෙතන සදහන් නොකරන්නා වූ තවත් බොහෝ රහස් දේවල් මෙම පාඨමාලාව තුල අඩංගු වේ.
⭕️ පාඨමාලාව වීඩියෝ පාඩම් 4කින් සමන්විත වේ. එමගින් සම්පූර්ණයෙන්ම විෂය නිර්දේශය අවසන් කෙරේ.
⭕️ඇතිවන ප්‍රශ්න ගැටලු වට්ස්ඇප් ගෘෘප් එක තුල සාකච්ඡා කල හැකිය
⭕️ නැතිනම් පුද්ගලිකව ගුරැවරයාගෙන් වුවද අසා දැනගත හැකිය
⭕️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රැ.1500 ක් පමනි
⭕️ පාඨමාලා ගාස්තුව ගෙවා පැය 48ක් ඇතුලත ඔබව ලියාපදිංචි කර පාඩම් 4 ලබාදී වට්ස්ඇප් ගෘෘප් වලට සම්බන්ධ කරනු ලැබේ.
⭕️විෂයට ආධුනිකයින්, වෘත්තීයවේදීන්, ඡ්යොතිශවේදීන්, නිවාස සැලසුම් කරැවන් ආදී සමාජයට/තමාට සේවයක් කිරීමට කැමති ඕනෑම අයෙකුට යෝග්‍යයි.
🟠බැංකු ගිණුම් විස්තර:-
85177233
එස්.කහදගම
ලංකා බැංකුව - (BOC)
රත්නපුර ශාඛාව
(සමාවන්න තවමත් මෙම දේශනය වෙබ් පිටුවට එකතු කර නොමැත)
පාඨමාලාව ගැන සිසුන් දැක්වූ අදහස් පහත බොත්තම ටච් කර බැලිය හැකිය
⬇⬇⬇⬇⬇⬇