පාඨමාලාව ගැන කෙටියෙන්:-

⭕️උසස් ඡ්‍යොතිශ්‍ය (වෘත්තීය) පාඨමාලාවකි.(ඉන්දීය නාඩි ⁣ඡ්‍යොතිෂ ක්‍රමයකි)

⭕️ පාඨමාලාව නිම කිරීමෙන් පසු වෘත්තීය පලාපල  කථන හැකියාව හා දෝෂ ඉවත් කිරීමේ හැකියාව ලැබේ.

⭕️ආධුනිකයින්ටත්‍, පලාපල කථනය තවමත් දුෂ්කර දැනුමැති අයටත් සුදුසුයි.(මූල සිද්ධාන්ත හා ගුරුමුෂ්ටි පහදන බැවින් ප්‍රවීණයන්ටත් එකසේ සුදුසු  පාඨමාලාවකි.) 

⭕️රාඡ්‍ය පිලිගැනීම සහිත සහතික පත්‍රයක් ලබාදේ

⭕️කේන්ද්‍රයක බලය තක්සේරු කර ගැනීමත්, තුලනය කර ගැනීමත්, විග්‍රහ කර ගැනීමත්, පලාඵල ගොනු කර ගැනීමත්, ජන්මියාගේ ජීවන යාත්‍රාව කර්මය විසින් ගෙන යනු ලබන ආකාරය වටහා ගැනීමටත්, ජන්මියාගේ සාංසාරික කර්ම ගබඩාවත් , ඉන් මේ ආත්ම භාවයේ ඵලදෙන කොටසත්, උරුමය කරුමය හා ඵලය යන තෙවැදෑරුම් ආකාරයට විග්‍රහ කර ගන්නා ආකාරය ඉගැන්වේ.

පාඨමාලාව නිම කළ පසු ඔබට මෙම දැනුමින් කළ හැකි දේවල්:-

⭕️ තත්කාල ක්‍රමවේද වලින් තොරව උපන් කේන්ද්‍රයෙන් පැමිණි කාරණය යම්තාක් දුරකට පැවසීම .

⭕️ අපල‍,දෝෂ ඉවත්  කිරීමේ හැකියාව(මූල සිද්ධාන්ත නොසඟවා ගුරැ මුෂ්ටි සමග ඉගැන්වෙන බැවින්)

⭕️කටපාඩම් කිරීම් වලින් තොරව‍, කෙටි පහසු වේගවත් ක්‍රමවේද වලින් පලාපල කථන හැකියාව

⭕️උරුමය සිද්ධාන්ත කොටස්වලින් 30%කුත්, කරුමය සිද්ධාන්ත කොටස් වලින් 30%කුත්, ඵලය සිද්ධාන්ත කොටස් වලින් 30%කුත්, ආදී ලෙස 90%ක පමණ නිවැරදිතාවයකින් යුතුව පලාඵල තක්සේරු කර ගැනීමේ හැකියාව.

⭕️ඡ්‍යොතිශ කාර්යාලයක් ආරම්භ කල හැකි වීම.

නාඩි ඡ්‍යොතිශ්‍ය විෂය නිර්දේශය(සවිස්තරාත්මක):-

01. ජන්මියාගේ පුද්ගලික තොරතුරු පැවසීම 

•ගතිගුණ චරිත ලක්ෂණ ස්වභාවයන් පවසන ආකාරය •රැචි-අරුචිකම් පවසන ආකාරය •මානසික නැඹුරුව ඇති ක්‍ෂේත්‍රය පවසන ආකාරය •සංසාර ගමන තුළ කර ඇති කර්ම බලය තක්සේරු කරන ආකාරය •සම්පූර්ණ කර්ම බලයෙන් කොපමණ ප්‍රමාණයක් මේ ආත්ම භවය සඳහා ඵලදීමට සූදානම් ද යන්න සොයන ආකාරය⭐️(ඉහත තොරතුරු විනාඩි දෙකක් ඇතුළත පවසන අයුරු ඉගැන්වේ. ඊට අමතරව විනාඩි දහයක් ඇතුළත ජන්මියාගේ සම්පූර්ණ ජීවිත කාලයේම ගෙවන ආකාරය ඒ ඒ අවදිවල සිදුවන දෑ පවසන ක්‍රමය ඉගැන්වේ.)

02. ජන්මියාගේ ධනය‍, ආර්ථිකය ගැන පැවසීම 

•ධනවතෙක් ද දුප්පතෙක් ද යන්න පැවසීම •දේපළ යාන වාහන ඉඩකඩම් නිවාස ආදී ලෞකික සම්පත් උරුම අයෙක්ද නැද්ද යන්න පවසන ආකාරය •පුද්ගලයා ධනය උපයා ගන්නා මූලාශ්‍ර පවසන ආකාරය (උදා:- ඉඩකඩම් වලින්ද පතල් වලින්ද රැකියාවෙන්ද බූදල් වලින්ද දෑවැද්දෙන්ද ආදී වශයෙන් )•උපයා සපයා ගන්නට වෙහෙස නොවූවද නිරායාසයෙන් පෙර පිනටම ලැබෙන පුද්ගලයෙක්ද යන්න සොයන ආකාරය ⭐️ධනය ලැබෙන හා ධනය හානි වන කාලවකවානු සොයන ආකාරය 

03. දරුවන් හා දරු ඵල ගැන පැවසීම.

•යුවළගේ දරුවන් උත්පාදනය කිරීමේ හැකියාව කේන්ද්‍රය තුළින් මැන බලන ආකාරය.•දරුඵල ඇති යුවළක්ද නැති යුවළක්ද යන්න සොයන ආකාරය •දරුඵල සංඛ්‍යාව පවසන ආකාරය •උපදින දරුවන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය පවසන ආකාරය •උපදින දරුවන්ගේ ලග්න මොනවාදැයි පවසන ආකාරය •දරුවන් සම්බන්ධ ප්‍රශ්න ගැටලු හඳුනාගැනීම(මළ දරුඋපත්‍,අංගවිකල දරුඋපත්‍, රෝගී දරුඋපත්‍, මානසික ආබාධ සහිත දරුඋපත්‍ ආදී වශයෙන්)⭐️දරුවන් සම්බන්ධව සුභ හෝ අසුභ දෑ සිදුවන කාල වකවානු නිර්ණය කරන ආකාරය( ඉහත තොරතුරු විනාඩි පහක් ඇතුළත පවසන ආකාරය ඉගැන්වේ)

04. ලෙඩ රෝග ගැන පැවසීම

•සෞඛ්‍ය  ප්‍රශ්න උපතින්ම රැගෙන එන පුද්ගලයන් හඳුනාගන්නා ආකාරය •දීර්ඝකාලීන සෞඛ්‍ය පිරිහීමක් ඇති ජන්මින් හඳුනා ගන්නා ආකාරය•සියලුම ලෙඩ රෝග හඳුනාගෙන පවසන ආකාරය⭐️ලෙඩ රෝග හැදෙන කාල වකවානු නිර්ණය කරගන්නා ආකාරය (ඉහත තොරතුරු විනාඩි දහයක් ඇතුළත පවසන අයුරු ඉගැන්වේ)

05. විවාහය ගැන පැවසීම

• විවාහය නැත්තටම නැති (විවාහ වීමටම බැරි) ජන්මීන් හඳුනාගන්න ආකාරය •විවාහ ප්‍රමාද වන ජන්මින් හඳුනා ගන්නා ආකාරය •විවාහ වී පසුව විවාහයෙන් වෙන්වන ජන්මින් හඳුනා ගන්නා ආකාරය ප්‍රේම සබඳතා බිඳ වැටීම් විවාහය බිඳ වැටීම වෙන්වීම් හඳුනා ගන්නා ආකාරය •වැන්දඹුවීම හඳුනාගන්නා ආකාරය •විවාහ දිවිය තුල රණ්ඩු ගැටුම් ආරවුල් ප්‍රශ්න හඳුනා ගන්නා ආකාරය•විවාහය සම්බන්ධව රැවටිලි වංචා වලට අසුවීම හඳුනාගන්නා ආකාරය•විවාහ දෝෂ හඳුනාගන්න ආකාරය •විවාහයෙන් පසු රෝගී වීම පරිහානිය ඇතිවීම ආර්ථිකව පිරිහීම ආදිය හඳුනාගන්නා ආකාරය •විවාහයේ නීති ගැටලු‍, අනියම් සබඳතා‍, දෙවැනි විවාහයකට යාම‍, විවාහ දෝෂ හඳුනාගන්න ආකාරය •නැන්දම්මා ලේලී ගැටුම මාමණ්ඩී ලේලි ගැටුම ආදී විවාහයෙන් පසු කලත්‍ර පාර්ශවය සමග පවත්වන සබඳතාවල තත්ත්වය පවසන ආකාරය•කලත්‍රයාගේ ගතිගුණ ස්වභාව රුචි අරුචිකම් හඳුනා ගන්න ආකාරය •කලත්‍රයා පැමිණෙන දිශාව හඳුනාගන්න ආකාරය•කලත්‍රයා මුණගැසෙන අයුරු පවසන ආකාරය •අක්ඛිණිකාත්‍රි දෝෂය හදුනා ගැනීම •ලිංගික දුර්වලතා හඳුනා ගන්නා ආකාරය •කාමාශාව බලවත් හා දුර්වල කලත්‍රයින් හඳුනා ගන්නා ආකාරය⭐️විවාහය සිදු වන වන කාලවකවානුව සොයන ආකාරය(ඉහත තොරතුරු විනාඩි දහයක් ඇතුළත පවසන අයුරු ඉගැන්වේ)

06. රැකියාව ගැන පැවසීම 

•රැකියාවක් හිමි අයෙක් ද නැති අයෙක්ද කියා සොයන අයුරු •රැකියාවේ ස්වභාවය පැවසීම (උදා:- රාජ්‍ය රැකියාවක්ද පුද්ගලික අංශයේ රැකියාවක්ද ව්‍යාපාරිකද පතල් කැණීම්ද පරිපාලනද දේශපාලනද ජ්‍යෝතිෂයද ආදී ලෙස)•රැකියාව කුමක්දැයි පැවසීම (උදා:- ගුරු වෘත්තිය ඉංජිනේරු වෛද්‍ය ව්‍යාපාරික කළමනාකරු ආදී ලෙස)•රැකියාව ලැබෙන කාලය පැවසීම •රැකියාවේ ප්‍රශ්න කරදර ගැටලු එන කාලවකවානු පැවසීම •රැකියාව නැතත් පෙර පින නිසාම ජීවන යාත්‍රාව ගෙනියන්නෙක්ද යන්න පවසන අයුරැ ⭐️රැකියාව ලැබෙන කාලවකවානුව සොයන අයුරැ

07. පීඩා මාරක ගැන පැවසීම 

•ජන්මියාගේ ආයුෂය ගණනය කරන ආකාරය •හදිසි අනතුරු මාරක අපල විපත් ඇතිවන කාල සීමා නිර්ණය කරන ආකාරය •මරණය වන ආකාරය ස්වභාවිකද හදිසි අනතුරක්ද දියේ ගිලීමක්ද වෙඩි තැබීමක්ද බෝම්බ පිරිපිරීමක්ද ආදී වශයෙන් බලන ආකාරය⭐️මරණය වන විට ඒ අවට පරිසරයේ ස්වභාවය පැවසීම

08. කේන්ද්‍රය බැලීමට පැමිණි කාරණය දළ වශයෙන් පැවසීම

කේන්ද්‍රය බැලීමට පැමිණියේ‍, (උදා:- රැකියා ප්‍රශ්නයකටද‍, දරුවන්ගේ ප්‍රශ්නයකටද‍, සෞඛ්‍ය ප්‍රශ්නයකටද‍, විවාහ ප්‍රශ්නයකටද ආදී ලෙස පවසන ආකාරය)

09. වර්තමාන අපල සඳහා පිළියම් හා දෝෂ ඉවත් කිරීම.                                                  

 •වාස්තු නිවැරදි කිරීම් හා මැණික් ප්‍රතිකර්ම මගින් දෝෂ ඉවත් කරන ආකාරය ඉගැන්වේ

10. අමතර කරුණු

•ගුරැ පරම්පරාවලින් පිටතට නොදෙන විශාල ගුරුමුෂ්ටි ප්‍රමාණයක් ලබාදෙයි •ප්‍රාණ නාඩියේ හා මෘත නාඩියේ සම්පූර්ණ ගුරු රහස් ඉගැන්වේ •නාඩි ග්‍රහයින් විසිහත් දෙනාගෙන්ම පලාපල පවසන ආකාරය ඉගැන්වේ •රාජසික තාමසික හා සාත්වික ගුණ සංකලන ගැන ඉගැන්වේ •ස්ථූල වට සූක්ෂම වට ආදී නාඩි ශාස්ත්‍රයේ වැදගත් සිද්ධාන්ත වල ගුරු රහස් ඉගැන්වේ •ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ මෙන්ම ගුරුවරයාගේ ජෝතිෂ්‍ය කාර්යාලයට කේන්ද්‍ර පරීක්ෂාවට පැමිණි උදාහරණ කේන්ද්‍ර රාශියක් පන්තියේදී සාකච්ඡා කොට ඉගැන්වේ

   

පන්තියට සහභාගී වන්නේ කෙසේද?

⭕️පටිගත කල වීඩියෝ පාඩම් වලට මාර්ගගත (online) ක්‍රමයට සහභාගි විය හැකිය.


⭕️පාඩමක නොතේරෙන තැනක් වේ නම් එය පහත පරිදි විසඳාගත හැක.

 (1) ඔබව සම්බන්ධ කරනු ලබන වට්සැප් ගෘෘපය තුල ප්‍රශ්න ඇසීම කළ හැකිය.

 (2) ගුරුවරයාට දුරකථන ඇමතුමක් දී අසා දැනගත හැකිය.

 (3)නොතේරෙන ප්‍රශ්නයක් දැන ගැනීමට සජීවී සූම් (zoom) පංතියක් ඔබට පහසු දිනයක, පහසු වේලාවක ඉල්ලා සිටිය හැක.


 ⭕️ සිසුවාට පුද්ගලිකව ගුරුවරයා හා සාකච්ඡා කිරීමට පුළුල් ඉඩකඩක් මෙම පාඨමාලාව තුළ ලබා දී ඇත. 

පාඨමාලා ගාස්තු:-

➡️ මෙය ඡ්‍යොතිශ කාර්යාලයක් ආරම්භ කොට වෘත්තීය මට්ටමින් සේවාවන් සැපයීමට ශිෂ්‍යයන් පුහුණු කිරීම ඉලක්ක කොට පවත්වනු ලබන වෘත්තීය පාඨමාලාවකි.

➡️අය කරන සම්පූර්ණ පාඨමාලා ගාස්තුව 20,000 ක් පමණයි.මාසිකව ගෙවනවානම් රුපියල් 2500 බැගින් ගෙවා මාස 8කින් පාඨමාලාව නිම කරගත හැකිය ඔබට අවැසි නම් මාස 8කට පෙර එනම් මාසයක්, මාස දෙකක් මාස තුනක් මාස හතරක් ආදී ලෙස කලින් මෙම පාඨමාලාව නිම කර ගැනීමටත් පුළුවන්.

මෙම පාඨමාලාව සුදුසු කාටද?

⭕️විෂයට ආධුනිකයින්‍, වෘත්තීයවේදීන්‍, ඡ්‍යොතිශවේදීන්‍, ආදී සමාජයට සේවයක් කිරීමට හා තමාට අමතර ආදායමක් උපයා ගැනීමට කැමති ඕනෑම අයෙකුට යෝග්‍යයි.


මෙම පාඨමාලාවට ලියාපදිංචි වී පාඨමාලාව හදාරන්නේ කෙසේද?

පහත බැංකු ගිණුමට රැ.2500ක  මුදලක් තැන්පත් කර, රිසිට් පත 0772225023 අංකයට වට්සැප් කරන්න.ඉන්පසු පැය 48ක් ඇතුළත ඔබව ලියාපදිංචි කර, පාඩම් ලබාදෙන වට්ස්ඇප් ගෲප් එකට ඇතුලත් කර, පළමු පාඩම් 4 ඔබට එවනු ලබයි.

🟠බැංකු ගිණුම් විස්තර:-


85177233

එස්.කහදගම

ලංකා බැංකුව -  (BOC)

රත්නපුර ශාඛාව


පහත දේශන අධ්‍යනය කිරීමෙන් පාඨමාලාව ගැන යම් අවබෝධයක් ලබා ගත හැක.

පහත ලින්ක් ටච් කර විඩියෝ පාඩම් නරඹන්න ⤵️