2025 ඔක්තෝබර් මාසයේ ලෝකයේ ප්‍රධාන වෙනස්කම්

  2025 ඔක්තෝබර් මාසය දේශපාලනය, දේශගුණය සහ ලෝක ආර්ථිකය තුළ ගැඹුරු පරිවර්තනයන් සහ ශක්තීන් සමබර කරන මාසයක් වනු ඇත. මෙම කාලය බලවත් ග්‍රහ මාරු වීම් සහ සමාඡීය මෙන්ම පුද්ගලික සමතුලිත වීමද යලි ස්ථාපනය වේ.

 

දේශපාලන වෙනස්කම්

ප්ලූටෝ ග්‍රහයාගේ ගමන:

                                   ඔක්තෝබර් 13 වනදා කුම්භ රාශිය තුල සෘජු ගමනේ යෙදීම අරඹන ප්ලූටෝ ග්‍රහයා සහ අනෙකුත් ග්‍රහ හැසිරීම් බලන කල සමාජ ව්‍යුහයන් තුල, දේශපාලනික බල ව්‍යුහයන් සහ සාමාන්‍ය මහඡනයාගේ සම්බන්ධතා යන දේවල් වල ප්‍රතිසංස්කරණයන් ඇති වීමේ පැත්තට කටයුතු සිද්ධ වන අතර ලෝකයේ ප්‍රධානතම රටවල් වල ආණ්ඩු වලට ඔක්තෝබර් 16 සිට දෙසැම්බර් 06 දක්වා කාලය තීරණාත්මක කාලයක් වනු ඇත.

 

ආර්ථිකය

         ඔක්තෝබර් මාසයේ ගෝලීය ආර්ථිකය තුල ක්ෂණික ලාභවලට වඩා කල්පනාකාරීව, දිගුකාලීනව සිතා මතා ආයෝඡන පැත්තට මූල්‍ය තීරණ ගත යුතුය. බොහෝ ලග්නවලට සිය මුදල් යම් දෙයකට යෙදවීමට වඩා ඒවා ටික කලකට නොසොල්වා අවදානම් සහිත ආයෝජනවලින් වැළකී සිටීම සුබය. උදාහරණයක් ලෙස, මේෂ ලග්නය හදිසි වියදම්වලින් වැළකී සිටිය යුතු අතර, වෘෂභ ලග්නය ඉතිරිකිරීම් සහ ප්‍රවේශම් සහගත මුදල් කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. මේෂ, කටක, තුලා සහ කන්‍යා වැනි ඇතැම් ලග්නවලට ධනය ආකර්ෂණය කර ගැනීමට සහ මූල්‍ය වර්ධනයක් ලැබීමට අවස්ථා ලැබෙනු ඇත, නමුත් ඒ සඳහා ඉතා සැලකිල්ලෙන් කිරා මැන බලා අවධානම උපරිමව කලමණාකරණය කරගෙන ක්‍රියා කල යුතුය. මන්ද මූල්‍ය අලාභ මේ මාසයේ විය හැකි ඉඩකඩ වැඩි බැවිනි.

 

දේශගුණික තත්වය

         පාරිසරික ගැටලු සහ ස්වභාවික සංසිද්ධීන් පෙරට ඒමට හැකි කාල පරිච්ඡේදයකි. සමතුලිතතාවය, තිරසාරභාවය සහ ලෝක සෞඛ්‍යය පිළිබඳ සාමූහික විවාදයන් ඇති කළ හැකි මාසයකි.

 

සමාජයේ මානසික හැසිරීම

  ප්‍රධාන ග්‍රහ මාරු වීම් (වෘශ්චිකයට බුධ, මේෂ පූර්ණ චන්ද්‍රයා, කන්‍යාවට සිකුරු, තුලා නව සඳ) හේතුවෙන් දුන් පොරොන්දු සහ ගිවිසුම් යළි සාකච්ඡා කිරීම, කටුක සත්‍යයන්ට මුහුණ දීම සහ දිවි පෙවෙත වෙනස් කල හැකි සංසිද්ධීන් මැද්දේ  සමගියෙන් ඡීවත් වීමේ වැදගත්කම ගැන ලොව තුල වැඩි අවධානයක් යොමුවනු ඇත.

 

ප්‍රධාන වෙනස්කම්වලට මුහුණ දෙන ලග්න

 

තීරණාත්මක වෙනස්කම්:

         මේෂ, මිථුන, කන්‍යා සහ කුම්භ ලග්නවලට වෘත්තිය, පදිංචි ස්ථානය හෝ ප්‍රධාන අභ්‍යන්තර වෙනස්කම් ඇතුළු තීරණාත්මක ජීවිත වෙනස්කම් අත්විඳිය හැකිය.

වැඩි පීඩනය:

         තුලා, වෘශ්චික, මිථුන සහ මකර වැනි අනෙකුත් ලග්නවලට තමාගේ ඡිවන සබඳතා, වෘත්තීය වැඩ වල  බර වැඩිවීම හෝ උසස් නිලධාරීන් සමඟ ඇති ගැටුම් සම්බන්ධයෙන් වැඩි පීඩනයන්ට මුහුණ දීමට සිදු විය හැකිය.

 

             සමස්ත ගෝලීය පලාපලය සැලකුවහොත් 2025 ඔක්තෝබර් මාසය, පෙර ග්‍රහණ කාලයේ කැළඹීමෙන් මිදී, යළි ස්ථාවර වීම, මිනිසුන් තම අභ්‍යන්තරය ගැන අවධානය සහ ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීමේ අවධියකට යලි මාරු වීමක් ජ්‍යොතිෂමය වශයෙන් සනිටුහන් කරයි.

වැදගත් ග්‍රහ දින:

ඔක්තෝබර් 13 වැනිදා ප්ලූටෝ වක්‍රයෙන් මිදීම, ඔක්තෝබර් 7 වැනිදා මේෂ පූර්ණ චන්ද්‍රයා, ඔක්තෝබර් 10 වැනිදා පමණ කන්‍යා රාශියට සිකුරු ගමන් කිරීම, ඔක්තෝබර් 21 වැනිදා  අමාවක සඳ සහ ඔක්තෝබර් මස නෙප්චූන්ගේ මීන රාශි ගමන  ප්‍රධාන ග්‍රහ චලිත වේ.

  මා නිර්දේශ කරන්නේ, ඔබ මෙම තීරණාත්මක මාසය තුල, තම සමබරතාවය, ප්‍රවේශම සහ තමා තුල ඇතිවිය හැකි  පරිවර්තනීය ස්වභාවය අවබෝධය කර ගැනීමටත්  විවෘත මනසකින් ක්‍රියා කරන ලෙසටත්ය.

 

29/09/2025

සමිත ඩී කහදගම

ඊෂ්නාත් අධ්‍යන කේන්ද්‍රය

077 222 5023