එදිනෙදා අපිට සුලු සුලු ගමන් බිමන් යන්න වෙනවා. උදාහරණ විදියට කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ල ගන්න යන ගමනක්, උසස් කෙනෙක් හරහා වැඩක් කරගන්න ඒ පුද්ගලයව මුණ ගැහෙන්න යන්න වෙන්න පුලුවන්, නඩුවකට වෙන්න පුලුවන්, රැකියාවෙ අපිට ඉහලින් ඉන්න නිලධාරියව මුණ ගැහෙන්න වෙන්න පුලුවන්..
කොහොම උනත් මේ යන ගමනෙන් අපිට ඡය ලැබෙන්න, යන වැඩේ සුබදායී වෙන්න, වැඩේ ඉෂ්ඨ සිද්ධ වෙන්න කරන්න පුලුවන් සත්ත බලපු ගුරැකමක් අද මම කියලා දෙන්න හදන්නෙ.. හරිම සරලයි..
ගුරැකම:-
රතන සූත්‍රයේ..
"යානීධ භූතානි සමාගතානී
භුම්මානිවායා නිවඅන්තලික්ඛේ
සබ්බේව භූතා සුමනා භවන්තූ
අථෝපි සක්කච්ච සුනන්තු භාසිතං"
යන පිරිත් පේලි වලින් සමන් පිච්ච මලක් මුඛය ලගට කරන් 108 වතාවක් පිරිත් කරගෙන උඩ සාක්කුවෙ දාගෙන ගමන පිටත් වෙන්න. ගමනින් ඡය ලැබේ. මේක කරන කොට අනුගමනය කරන්න ඕනි ගුරැ රහසක් තියෙනවා..
ඒක තමයි මතුරන්න ගන්න සමන් පිච්ච මල කඩා ගන්න ඕනි ගෙදරක නැගෙනහිර පැත්තෙ තියෙන සමන් පිච්ච වැලකින්, නැගෙනහිරට ගිය අත්තක තියෙන මලක් විය යුතුයි සහ උදේ පායන හිරැ දිහා බලන් මේ මල කඩා ගන්න ඕනි.
හවස පිපිලා රෑ හද එලියත් හොදට වැටුනු , උදේ වැටෙන ඉර එලියත් හොදට වැටුනු මලක් ඒ වගේ දින වලදි තෝර ගන්න පුලුවන් නම් බලය වැඩියි.
තවත් රහසක් කියලා දෙන්නම්.. හදිසි ගමනක් නම් මේ මුකුත් එපා සමන් පිච්ච මලක් නිකන්ම උඩ සාක්කුවෙ දාගෙන ගමන යන්න. මන්ත්‍ර නැති සර්ව ඡන වශියක් ඒ ගුරැකම. ගමනෙන් ඡය, හැමෝගෙම උපකාර වගේම කාලෙකින් මුණ නොගැසුනු ඔයාගෙ පැරණි හිතවත් කෙනෙකුත් එදාට මුණ ගැසේවි..
සමිත ඩී කහදගම෴
0772225023
අපල දුරැ කිරීමටත් සෞභාග්‍යය සමෘද්ධිය වැඩීමටත් දේවාකර්ෂනය ලැබීමටත් උදේ සවස බුද්ධ පූඡාවන්ට පසුව විෂ්ණු නමස්කාරය කර පින් දෙන්න.
විෂ්ණු නමස්කාරය:-
ශ්රීවිෂ්ණුඃ රාජං දින ප්‍රභාවං - ශ්රීදේව රාජං ක්රත්ස්ය රූපඃ
ශ්රීඅෂ්ට රූපිං ගිරිමේඛලාව්යං- ශ්‍රීරාම චන්ද්රං සිරසා නමාමී
සුග්‍රීව මිත්රං පරමං පවිත්රං- සීතා කලත්රං නව මේඝ ගාත්රඃ
කාරුණ්ය පාත්රං ශත පත්‍ර නේත්‍රං- ශ්‍රීරාම චන්ද්රඃ සිරසා නමාමී
මේඝශ්යාමං පීත කෝශ්ය වාසං- ශ්‍රීමත් ශංඛං කෞතු ශෝභා සිතාංගං
පුණ්යෝපේතං පුණ්‍ය කායං නාක්ෂං- විෂ්ණුඃ වන්දෙ සර්ව ලොකෛක නෘනාථම්
ගෝවින්ද කේශවජනාර්තනඃ වාසුදේවඃ- විශේවශඃ විශ්ව මධුසූදන විශ්ව රූපං
ශ්රීපද්ම නාග පුරුෂොත්තම පුෂ්පරාක්ෂ ඃ- නාරායනාර්චිත නරසිංහ නමො නමස්තුඃ
අර්ථ ශ්රීපුෂ්ප සංඛාසංඃ සංඛ චක්‍ර ගදා ධරං-
සං පූජයාමි දේවේශ්යං ශ්රීවිෂ්ණුඃ පාතුමං සදා
සමිත ඩී කහදගම෴
ඊෂ්නාත් අධ්‍යන කේන්ද්‍රය
0772225023