නිවසක්/ව්‍යාපාරික ස්ථානයක් ආදී ගොඩනැගිල්ලක් ඉදිකිරීම යනු කෘතීම මිනිස් ක්‍රියාකාරකමකි.එය ස්වභාවධර්මයෙ සමතුලිතතාවයට බාධා කිරීමකි.ඉඩම සුද්ධ කිරීමට කැලය කැපීම, පොලව හාරා, අවකාශය අවහිර වන සේ බිත්ති බැදීම ආදිය ස්වභාව ධර්මයේ ශක්ති රටාවන් වෙනස් කිරීමක්,විකෘති කිරීමක්,කම්පනය කිරීමක්ය.
ස්වභාවධර්මය හා ගැටීමේ ප්‍රතිඵලය සත්වයාගේ විනාශයයි.වාස්තු යනු මෙම වෙනස් කිරීම නිසා ඇතිවන ඝට්ටනයන්, අහිතකර ප්රතිඵලයන් ශුන්‍ය හෝ අවම වන පරිදි නිවාස ඉදිකිරීම කලයුතු ආකාරයත්,ඉදිකිරීමෙන් පසු අඛණ්ඩව සුබවාදීව පවත්වාගෙන යාමත් සහතික කිරීමේ විද්‍යාවයි.
ගෘහ නිර්මාණ ශිල්පියකුට, ඉංඡිනේරැවරයකුට පෙදරේරැ මහතෙකුට අලංකාර,ශක්තිමත් නිවසක්/ව්‍යාපාර ස්ථානයක් ගොඩනැගිය හැක. ඔවුන් ක්‍රියා කරනුයේ ඇසට පෙනෙන, ශරීරයට දැනෙන ආදී පංචේන්ද්‍රියන්ට ගෝචර වන තත්වයන්ට අනුකූලවය. නමුත් පෘථිවිය මත ඇති සෑම දෙයක්ම පංචේන්ද්‍රියන්ට ගෝචර නොවේ. උදාහරණ කිහිපයක් ගතහොත්,
01. චුම්භක ක්ෂේත්රය (Magnetic field)
මාලිමාවක් සෑම විටම උතුරැ දිශාව පෙන්වනුයේ පෘථිවි චුම්භක ක්ෂෙත්රය නිසාය.එය ඇසට , සිරැරට ගෝචර නොවේ.නමුත් සත්‍ය ලෙසම එවැනි දෙයක් පවතී.මාලිමාව සොයාගැනීමට වසර සිය දහස් ගණනකට පෙර පුරාණ වේද ග්රන්ථ වල වාස්තු විද්‍යාවට අදාලව "ඡානික්" ශක්තිය ලෙස හදුන්වනු ලැබූවේ මෙම චුම්භක ක්ෂේත්රය හා බැදී පවතින ශක්තීන් වලටය.
02. භුගෝලීය ආතතිය (Geopathic stress)
මේ ගැන එක් කොටසක් ගැන පමණක් කතා කරමි.බටහිර ලෝකය මේ පිලිබදව මුලින්ම පරීක්ෂණ පැවැත්වූයේ 1920දී පමණ ඡර්මනිය හා ප්‍රංශයේදීය.භූගෝලීය කලාප හා පිළිකා අතර සම්බන්ධය මෙහිදී පරීක්ෂණයට ලක් කරන ලදී.ඉන් පසුකාලීනව ඡර්මනියේ Dr.Manfed curry විසින් සිදු කරනු ලද පර්යේෂණ උපකල්පන අනුව,
විද්‍යුත් ආරෝපිත රේඛා ඡාලයක් ඊසාන සිට නිරිතටත්,ගිණිකොන සිට වයඹටත් ආසන්න ලෙස මීටර් 3ක පරතරයකින් ගලා යයි.මේවාට මිනිස් සිරැරේ සමතුලිතතාවයට බාධාකල හැකි ධනාත්මක හෝ ඍණාත්මක ශක්තියක් ඇත.ධන ආරෝපිත රේඛා ගැටීම් මගින් පිළිකා තත්වයන්ද, ඍණ ආරෝපිත රේඛා ගැටීම් මගින් inflammatory disease තත්වයනුත් ඇතිවේ.යහපත් සෞඛ්‍ය සදහා මෙම ඝට්ටන කලාප වලින් ඉවත් වී නිදා ගැනීම කල යුතුය.පුරාණ වේද ග්රන්ථ වල වාස්තු සම්බන්ධව මේ ආකාරවූ ශක්ති ක්ෂේත්‍ර 45 ක් පමණ හා රෝග සාදන මර්මස්ථාන ගැන සදහන්ව ඇත.
03.කොස්මික් කිරණ
පෘථිවියට කොස්මික් කිරණ ලැබෙන ක්‍රම 2කි.ඉන් සූර්යාගේ සූර්ය ගිනිදැල් වලින් ලැබෙන කිරණගැන පමණක් සලකා බලමු.ඉහතදී කී චුම්භක ක්ෂේත්රය නිසා කොස්මික් කිරණ වලින් වන හානිකර බලපෑම් අවම වේ.
කොස්මික් කිරණ පෘථිවි වායු ගෝලයට ඇතුල් වු පසු වායුගෝලයේ ඇති නයිට්රජන් , ඔක්සිජන් පරමාණු සමග ගැටී අස්ථායී නයිට්රජන් , ඔක්සිජන් පරමාණු තනයි.එනම් විකිරණශීලි මූලද්‍රව්‍ය නිපදවයි. නොපෙනුනද කොස්මික් කිරණ සත්‍ය ලෙසම පවතී.බටහිර රටවල් මෙම සොයා ගැනීම් කිරීමට බොහෝ කාලයකට පෙර පෙරදිග දැනුම් පද්ධතියේ "ප්‍රාණික්" ශක්තිය ලෙස හැදින්වූයේ මෙයාකාර වූ හිරැගේ කොස්මික් ශක්තියයි.
ඉතින් මෙවන් වූ ඇසට නොපෙනෙන විශාල ශක්ති ඝට්ටනයක් අසමතුලිතතාවක් ඉදිකිරීම් මගින්
ඇති කරයි.මෙම අසමතුලිතතාව නිවරැදිව කලමණාකරනය නොකිරීමෙන් නිවැසියන්ගේ මානසික හා ශාරීරික සෞඛ්‍ය බිද වැටේ. මානසික අසමතුලිතතා නිසා මානසික අසහනය,හදිසි අනතුරැ,අධ්‍යාපන ගැටලු, රැකියා ව්‍යාපාර ගැටලු, ධනය ලැබීමේ මාර්ග වල අවහිරතාද ශාරීරිකව නිතර අසනීප වීම් වල සිට බරපතළ සෞඛ්‍ය අබාධයනුත් ඇතිවේ.එනිසා නිවාස ඉදිකිරීමේදී අනෙක් ශිල්පීය ක්‍රම සමග වාස්තු ශිල්පියාගේද සහය ලබා ගැනීම අවශ්‍ය වේ.වැදගත්ම කාරණය නම් දැනටමත් වාස්තු දෝෂ සහිත ඉදිකිරීමක ඔබ සිටී නම් එයින් මිදෙන ආකාරයත් මෙම වාස්තු විද්‍යාව තුල පැවතීමයි.
නූතන විද්‍යාව මගින් මෑතකදී සොයා ගත් බොහෝ දේ වෙනස් වචන වලින්, වෙනස් ක්‍රමවේද වලින් අතීත පෙරදිග පැවති අතර හා ඒවායින් ප්‍රායෝගිකව ප්රයෝඡනද ලබා ගෙන ඇත.එනිසා පංචේන්ද්‍රියන්ට ගෝචර නොවූ පමනින්ම මෙම දැනුම බැහැර කිරීම හෝ කර පින්නාගෙන සිටීම හෝ නොකල යුතුය.
ඡීවත් වන කෙටි කාලය තුල සතුටින් සිටීම මිනිසාගේ පරම අරමුණයි.ඒ සදහා උපකාරී වන වටිනා දේවල් අහක දැමීම අනුවණ ක්‍රියාවකි.
යමෙකුට පෙර කරන ලද කර්මයක් විපාක දෙන මොහොතේ ක්‍රියාකාරීත්වය සලකා බලන විට, කරැණු 4 ක් සම්පූර්ණ විය යුතුය.
01. පෙර කරන ලද කර්මයක් තිබිය යුතුය
02.එම කර්මය විපාක දෙන තෙක් කුමන හෝ ආකාරයකින් ගබඩා වීමක්, සටහන් වීමක් වී තිබිය යුතුය
03.එකී කර්මය ගබඩා වූ, සටහන් වූ තැන සිට පුද්ගලයා වෙත ලගා වීමට මාර්ගයක්, පරිසරය සකස් වීමක්, සුසර වීමක් තිබිය යුතුය.
04.එකී කර්මයට අදාල විපාකය පුද්ගලයා අත්විදීම
ඉහත අංක 03 හි සදහන් කර්මය හා පුද්ගලයා අතර සම්බන්ධතාව ඇති කරවන එක් මාධ්‍යක් ලෙස වාස්තු හැදින්විය හැකිය.
උදාහරණයක් ගෙන පැහැදිලි කලහොත්, යමෙකු පෙර සසරේ තවත් සත්වයකුගේ කොන්දට පහරක් එල්ල කර තිබුනා නම් ඒ සිදුකරගත්තා වූ කර්මය විපාක පිනිස සටහන්ව පවතී.පුද්ගලයාගේ වර්තමාන උපත ලබන විටම පෙරකී කර්ම විපාකයට අදාලව ඔහුගේ කොන්ද ප්‍රදේශය දුර්වල වී( දුර්වල වීම යනු අන් අයට සාපේක්ෂ ලෙස ඔහුගේ කොන්ද ආබාධ, අනතුරැ, රෝග, හානි වලට ලක්වුවහොත් ඔරොත්තු දීමේ හැකියාව අඩු ලෙස සැකසී) ඔහු උපත ලැබීමයි.
1920 දී පමණ ඡර්මනියේ ආචාර්ය මෑන්ෆ්රඩ් කරී විසින් සිදුකරනු ලද පර්යේෂණ උපකල්පන වලට අනුව පෘථිවියේ ඊසාන සිට නිරිතටත්, ගිණිකොණ සිට වයඹටත් ආසන්න ලෙස මීටර් 3 ක පරතරයකින් ගලා යන්නා වූ විද්්‍යුත් ආරෝපිත රේඛා ඡාලයක් පවතින බව සොයාගන්නා ලදී.මෙම රේඛා ඝට්ටනය වන කලාප තුල නිදාගැනීම මගින් මිනිස් සිරැරේ අසමතුලිතතා, රෝග,නිදන්ගත රෝග සක්‍රීය වීම වැනි දේ සිදුවේ. පුරාණ වාස්තු ශාස්ත්රයේදී භූමිකොටසක කල ඉදිකිරීමක පවතින මෙයාකාර වූ ඍඡු මර්මස්ථාන (ශක්ති ක්ෂේත්‍ර) 51 පමණ සදහන්ව ඇත.
පෙර කී උදාහරණයේ සදහන් පුද්ගලයා කර්මානුරෑපව මෙවැනි වාස්තු දෝෂ සහිත නිවෙස් තෝරාගන්නවා මෙන්ම තම නිදනඇද තබා ගන්නේද ඍණ ශක්ති ක්ෂේත්‍ර වලය. උප්පත්තියෙන්ම දුර්වල ඔහුගේ කොන්ද ප්‍රදේශයට එම ඍණ ශක්ති බලපෑම නිසා සැගවී ඇති කොන්දේ ආබාධ ඉස්මතු කිරීමක්, බලගැන්වීමක් සිදු කරනු ලබයි. එනම් කර්ම විපාකය හා ඡන්මියා අතර සම්බන්ධය, සුසර කිරීම වැරදි වාස්තු මගින් ඇති කරනු ලබයි.
මෙහිදී වාස්තු නිවරැදි කිරීමෙන් ඔහුගේ කොන්දේ ආබාධය පාලනය කල හැකි වේ.එය එසේ වනවා නම්, වාස්තු යනු කර්මයේ එක් හස්තයක් නොවන්නේද? කලාවූ කර්මය වෙනස් කල නොහැක, නමුත් කර්මයේ හස්තය වූ වාස්තු වෙනස් කල හැක. උපාය දන්නෝ අපායෙ නොවැටේ කියාද කියමනක් ඇත. අහිතකර කර්ම ශක්තීන් තමාට ලගා වීමට පෙර ඒවා ලගාවන මාර්ග වසා දැමිය හැක.
සැ:යු: කර්ම විපාක ඡන්මියා වෙත සුසර කර දෙන්නා වූ එකම මාධ්‍ය වාස්තු පමණක්ම නොවේ.තවත් මාධ්‍ය ඇත.එමෙන්ම අචින්ත්‍ය වූ කර්ම විෂය විවරණය කිරීමට තරම් සුදුස්සකු නොවෙමි.නමුත් මාගේ වාස්තු පර්යේෂණ දිවිය තුල ලද අත්දැකීම් මගින් බොහෝ දෙනාට හිත සුව සලසා ඇත.ගැටෙන්නට නොව ගන්නට දෙයක් ඇත්නම් එය ගැනීමට පමණක් සටහන් කලෙමි.
සමිත ඩී කහදගම
(ඡොතිෂ්ය විද්‍යා විභුෂණ විශ්ව කීර්ති ලංකා පුත්‍ර)
0772225023
(ඇසූ ප්‍රශ්නයකට දුන් පිලිතුරකි)
පුර පෝය යනු චන්ද්‍රයාගේ බලපෑම පෘථිවියට වැඩිම දිනය වේ. චන්ද්‍රයා ආපෝ ග්‍රහයෙකි. මිනිස් සිරුර තුල ඇති ආපෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය එදිනට අතිශයම සක්‍රීය වේ. එමෙන්ම චන්ද්‍රයා චිත්ත කාරකයාය. සත්ත්වයාගේ සිතුවිලි ක්‍රියාකාරීත්වය ද එදිනට අතිශය සක්‍රීය වේ. පුර පෝයට සිත හා කය දෙකම සක්‍රීය වන නොදැමුණු සත්ත්වයා තුළ රාග ද්වේශ මෝහ අතිශයින්ම සක්‍රීය වේ. ඒවා පාලනයට එදින පින් දහම් භාවනා ආගමික කටයුතු කිරීම සුදුසුය එය අවිවාදිතය.
ගිනි මැලයක් අසල සිට භාවනා කරනවාට වඩා උෂ්ණ සීත දෙකම සමබරව ඇති භූමියක භාවනා කළ විට සිත ඒකාග්ර වීමේ ගතිය වැඩි බව ඕනෑම අයෙකුට පැහැදිලි වේ. මන්ද ගිනිමැලයේ තේජෝ ධාතුව සිරුර හා ගැටී අපහසුතාවක් නිර්මාණය කර ශාරීරික අපහසුතාවය මනසට බලපෑම් එල්ල කර මානසික ඒකාග්‍රතාවය බිඳ දමන බැවිනි. එනම් මනස එකඟ වීමට නම් සිරුර එකඟ වී තිබිය යුතුය. භෞතික සිරුර එකඟ වීමට නම් සිරුර දරා සිටින පරිසරය සමනය වී තිබිය යුතුය. මෙම පාරිසරික සමතුලිතතාවය "වාස්තු" වේ
දිශාවද පාරිසරික සමතුලිතතාවයේ එක් අංගයකි. අප මුහුණ දාන දිශාව අනුව අපගේ මානසික තත්ත්වය එකිනෙකට වෙනස් වන බැවිනි.
මේ අනුව නරකම දිනයේ (පොහොය) ආගමික කටයුතු කරන්නේ රාග ද්වේෂ මෝහ වේගයන් සමනය කොට සත්ත්වයාගෙන් පාපකර්ම වීම වළක්වා ගැනීමට වේ. එහෙමයි කියා නරකම දිශාවේ ආගමික කටයුතු බණ භාවනා කළහොත් (නරක දිශා යනු සිරුර හා මනස ඒකාග්ර කරගත නොහැකි ලෙස චුම්භක ශක්තිය භූ ශක්තිය කොස්මික් ශක්තිය ආලෝක ග්‍රහයන්ගේ ශක්තිය හා වාස්තු දෝෂ නිසා දිශාවල ධාතු ශක්තීන් අසමබර වී විකෘති තත්ත්ව ඇතිවී ඇති දිශා සහ ස්ථාන වේ) සිරුර අසමබර වී මනස අසමබර වී ඒ කරන කියන ආගමික බණ භාවනාව නිෂ්ප්රයෝජන වීමේ ඉහළ සම්භාවිතාවක් පවතී. අධික මානසික වීර්යය ඇති අයෙකුට වාස්තු ශක්තිය ඉක්මවිය හැකි නමුත් වර්තමානයේ බොහෝ දෙනාට එය කල නොහැකිය.
එනිසා දිශාව අතිශයින්ම වැදගත් තීරණාත්මක සාධකයකි! එසේනම් ආගමික කටයුතු කිරීමට සුභම දිශා මොනවාද? එය ආගමික කටයුත්තේ හැටියට තීරණය කළ යුතුය අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්නේ ලෝකෝත්තරයක් සාක්ෂාත් කර ගැනීම පිණිස වේ. නමුත් ලෞකික අරමුණ වෙනුවෙන් ස්ථාපනය කළ නිවස හෙවත් වාස්තුවක් තුළ ජීවත් වන මිනිසා වර්තමානයේදී අධික ලෙස ලෞකික වී ඇත. ඔවුන් උඩු සිතින් ලෝකෝත්තරය පිණිස බුදුන් වැන්ද ද යටි සිතින් ලෞකිකය ප්‍රාර්ථනා කරති. මේ වැඳීම නිසා මා ලෞකිකව දියුණුවට පත් වේවා යයි හැඟුම අද බොහෝ දෙනා තුළ පවතී. දෙවියන් වඳිනවා නම් ඒ ලෞකිකය බලාගෙනම වේ.
එනිසා ආධ්‍යාත්මය, ලෝකෝත්තරය ලබා ගැනීම පිණිස ඊට කාරක දිශාත්, ලෞකිකය ලබා ගැනීම පිණිස ඊට කාරක දිශා වලටත් මුහුණ දී ඒ කාර්යයන් කිරීම මගින් විශ්වයේ ඊට අදාළ ඒ ඒ කම්පනයන්ට පුද්ගලයා සුසර වී ඔහුගේ ඉල්ලීම ඉෂ්ට වීමේ සම්භාවිතාවය ඉහළ යයි. ඊසාන යනු ක්‍රියා චක්‍රයට අනුව ආගමික ලෝකෝත්තර දිශාවකි. ඊසාන දිශාව හරහා ආගමිකව විශ්වයට සුසර වීම මගින් ලෞකිකයන් ලබා ගැනීම බෙහෙවින් දුෂ්කර වේ. ලෞකිකය ප්‍රාර්ථනා කර දෙවියන් වඳිනවා නම් ඊට සුදුසු වෙනත් දිශා තිබේ.
අනික් කරුණ නම් සෑම දෙයකටම මූලාශ්‍ර තිබේද යන්න බැලීමයි. මූලාශ්‍ර බැලීම ඉතාමත් වැදගත් නමුත් මූලාශ්රවල තිබෙන ඒවා ඒ ආකාරයටම සිද්ධ නොවන බව පෙනේ. ඊට හේතු ලෙස කට වචනයෙන් ගුරු පරම්පරාවල පැවත ආ දැනුම ග්‍රන්ථකරණයේදී විකෘති වීම ගුරුමුෂ්ටි ලෙස සඟවාගෙන පුද්ගල අභාවයෙන් පසු පුද්ගලයා සමගම ගුරුමුෂ්ටියද අභාවයට යෑම ආදිය දැක්විය හැකිය.
උදාහරණයක් ලෙස යම් වාස්තු දෝෂයක් නිසා ගෘහ මූලිකයා අංශභාග රෝගියෙකු වනවා යැයි කියා ඇත්නම් එම පිහිටීම ඇති නිවාස දහයක් පරීක්ෂා කර බැලුවහොත් ඉන් තුනක පමණ එය සත්‍ය වේ ඉතිරි නිවාස හතේම එය නැත. මීට හේතුව ඉහත කී විකෘති වීම හා ගුරුමුෂ්ටිය ආදී කරුණු විය හැකිය.
මෙය මතුකර ඉතාම නිවැරදි වාස්තු පලාඵලයක් කීමට නම් තමාගේ ස්වයං පර්යේෂණය ඉතා වැදගත් වේ. පර්යේෂණය තුළ වර්තමානයේ පවා සෘෂිවරුන් බිහිවිය හැකිය. නව සිද්ධාන්ත සොයා ගැනීම හා පැරණි සිද්ධාන්ත ඔපමට්ටම් වීම් එමගින් දැකිය හැකිය. අවාසනාවට කරුණ නම් සෑම දෙයකටම මූලාශ්‍ර නැතිනම් එය ප්‍රතික්ෂේප කිරීම නිසා වාස්තු පර්යේෂකයන්ට වැට බැඳීමයි.
ගින්නෙන් විනාශ වූ වාස්තු දහයක් පරීක්ෂා කරන්න. ගිනිගැනීමට හේතු වූ වාස්තුමය ලක්ෂණ ඔබට හමුවේවි. සියදිවි නසාගත් නිවෙස් දහයක් පරීක්ෂා කරන්න එයට ද වාස්තුමය හේතුව හමුවේවි. ආගමික කටයුතු කරන දිශා ද එසේම අධ්‍යයනය කරන්න. බොහෝ රහස් ස්පර්ශ වේවි. පර්යේෂණයෙන් තොරව පවසන දෙයක් සෑම විටම හිතලු වන අතර පර්යේෂණයන්ගේ නිගමන සෑම විටම රහස් හෙළි වීමකි. ගැටීමට නොව දිශාවේ වැදගත්කම පෙන්වීමට ලීවෙමි .
ස්වස්ථි සිද්ධම්!
සමිත ඩී කහදගම
0772225023
වාස්තු ශාස්ත්රයේ ශක්තිය ක්‍රියාත්මක වන ප්‍රධානතම ආකාර තුනකි
1. ස්ථාවර වාස්තු ශක්තිය
2.පෞද්ගලික වාස්තු ශක්තිය
3.විචල්‍ය වාස්තු ශක්තිය
ස්ථාවර වාස්තු ශක්තිය:-
භූගෝලීය ශක්තිය, අන්තරීක්ෂක ශක්තිය, චුම්භක ශක්තිය, අවකාශ ශක්තිය පදනම් කරගෙන නිවසක/ගොඩනැගිල්ලක වාස්තු ශක්තිය පරීක්ෂා කිරීම මෙ නමින් හඳුන්වයි ගෘහපිණ්ඩය ගණනය කිරීම, පංචභූත ශක්තිය විශ්ලේෂණය කිරීම, දිශා ශක්තීන් ගණනය කිරීමත් ආදී සාමාන්‍යයෙන් අප දන්නා වාස්තු පරීක්ෂාව මෙම ගණයට අයත් වේ. මෙහිදී වාස්තු ශක්තිය පෘථිවියට සාපේක්ෂව ස්ථාවර යයි සලකා කටයුතු කරයි.
පුද්ගලික වාස්තු ශක්තිය:-
පුද්ගලයෙකු මෙලොව උපද ලද විටම ඔහුව සුසර වන්නා වූ ග්‍රහ කිරණ ශක්තියක් වේ. එය ඔහු මෙම විශ්වයෙන් වෙන්කොට හඳුනා ගන්නා ඔහුගේම පෞද්ගලික කම්පන සංඛ්‍යාතයයි. තම පුද්ගලික කම්පන සංඛ්‍යාතයට ගැලපෙන සේ ඔහු තම නිවස සාදාගත යුතුය. ඒ නිසාය පියාට ඵල දුන් නිවස පුතා ගෘහමූලිකයා වූ පසු ඵල නොදෙන්නේ. නිවසේ පුද්ගලයින් පස් දෙනෙකු සිටී නම් ඔවුන් එකිනෙකාට වෙනස් වූ සංඛ්‍යාත පහක විය හැකිය. එවිට එක් අයෙකුට සුභ දිශාවක් තවත් අයෙකුට අසුභ විය හැකිය. නිවසේ එක් අයෙකුට රෝග ගෙන දෙන කොටස තවත් අයෙකුට විවාහය ගෙන දෙන කොටස විය හැකිය. එය තව කෙනෙකුට ධනය ගෙන දෙන කොටස විය හැකිය. නිවැසි සියල්ලන්ගේම පුද්ගලික කම්පන සංඛ්‍යාතයට අනුකූල වන පරිදි නිවසේ වාස්තු ශක්තිය ගොඩනගන අයුරු පෞද්ගලික වාස්තු ශක්තිය මගින් කතා කෙරේ. ජන්ම පත්‍රයට, අනුව තත්කාල ශාස්ත්‍රයට අනුව, කේන්ද්‍රය බලා වාස්තු බලන ක්‍රම ගැන ඔබ සමහර විට අසා ඇත. මේ කරන්නේ පුද්ගලික වාස්තු ශක්තිය මැන බැලීම හා සුසර කිරීමයි.
විචල්‍ය වාස්තු ශක්තිය:-
පෘථිවිය නිශ්චල නැත. ග්‍රහයන් නව දෙනාද නිශ්චල නැත. ඒවා භ්‍රමණය වීම් පරිභ්‍රමණය වීම් සිදුවේ. කරකැවේ, ගමන් කරයි. එමෙන්ම පෘථිවියට සාපේක්ෂව සූර්යයාද වසරේ විවිධ කාලවලදී විවිධ කෝණයන්ගෙන් පෘථිවියට තම ශක්තිය එල්ල කරයි. මේවා නිසා පෙර කී ස්ථාවර වාස්තු ශක්තීන්ගේ මෙන්ම පුද්ගලික වාස්තු ශක්තීන්ගේද යම් යම් විචල්‍යතා ඇති වේ. එය විචල්‍ය වාස්තු ශක්තියයි
අද ලාංකීය වාස්තු සන්දර්භය තුල බහුලවම කතා කෙරෙනුයේ ස්ථාවර වාස්තු ශක්තිය යටතේ වූ සංකල්ප ගැන පමණි. නිවසේ අයෙකුට පිළිකාවක් වැළඳීමේ වාස්තු දෝෂයක් එකී නිවසේ පවතිනවා නම් එම නිවසේ ජීවත් වන සෑම දෙනාටම එම පිළිකා රෝගී තත්ත්වය ඇති නොවේ. ඇතිවනුයේ එක් පුද්ගලයකුට පමණි. එනම් ස්ථාවර වාස්තු ශක්තිය යටතේ පිළිකා රෝග තත්ත්වයක් ඇතිවීමේ වාස්තු දෝෂය සුසර වී ඇත්තේ එම ගෙදර සිටින එක් අයෙකුගේ පුද්ගලික වාස්තු ශක්තිය සමග පමණි. අන් අයගේ පුද්ගලික වාස්තු ශක්තීන් සමඟ, ස්ථාවර වාස්තු ශක්තිය යටතේ වූ එකී වාස්තු දෝෂය සුසර වී නැත. එනිසා අන් අයට එකී රෝගය නොසෑදී අදාළ පුද්ගලික වාස්තු ශක්තිය සමඟ සුසර වූ පුද්ගලයාට පමණක් එකී රෝගය වැළදේ.
තම නිවසේ වාස්තු ශක්තිය තමාට හෝ ගෙදර අන් අයට කෙසේ සුසර වී ඇත්දැයි දැන ගැනීමට අවශ්‍ය නම් එනම් එකී සුසර වීම හදුනා ගන්නා ආකාරය සහ වැරදි සුසර වීම් නිවරැදි කිරීම ගැන දැනගැනීමට කැමති නම් 0772225023 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් තබන්න ..
සමිත ඩී කහදගම෴
ඊෂ්නාත් අධ්‍යන කේන්ද්‍රය