හින්දු ජ්‍යොතිෂවේදී | හින්දු අංක ශාස්ත්‍රඥ | වාස්තු ශාස්ත්‍රඥ
??????????
මම සන්දීප ජයසිංහ. දිවුලපිටිය ප්‍රදේශයේ මාගේ නිවසේම ජ්‍යොතිෂ කාර්යාලයක් ආරම්භකොට ඔන්ලයින් ක්‍රමයට ජ්‍යොතිෂ සේවා කටයුතු සිදුකරමි. හින්දු දෙවියන් හා ක්‍රිස්තියානි දේව සම්ප්රදාය මුල් කරගත් ගුප්ත ශාස්ත්‍රීය ප්‍රතිකර්ම හා හින්දු මන්ත්‍ර පිළියම් නිර්දේශ කරමින් ආගමික ජ්‍යොතිෂ උපදේශන සේවාවක (Religious Astrology) නියැලි අයෙක්මි. වාස්තු ජ්‍යොතිෂ (Astro Vastu) උපදේශනයේ යෙදී සිටිමි. නිවාස කඩා බිඳ දැමීමෙන් තොරව වාස්තු කෙම් ක්‍රම භාවිතයෙන් පිළියම් නිර්දේශ කරමි. .
විශේෂ දක්ෂතා -
ජ්‍යොතිෂ පලාපල කථනයට හා වාස්තු පලාපල කථනයට සමගාමීව හින්දු දෙවියන් හා ක්‍රිස්තියානි දේව සම්ප්රදාය මුල් කරගත් ගුප්ත ශාස්ත්‍රීය ප්‍රතිකර්ම හා හින්දු මන්ත්‍ර පිළියම් නිර්දේශ කිරීම
වාස්තු කෙම් ක්‍රම හරහා නිවාස කඩා බිඳ දැමීමෙන් තොරව පිළියම් නිර්දේශ කිරීම
ජ්‍යොතිෂ හා හින්දු ගුප්ත ශාස්ත්‍රානුකූලව ව්‍යාපාර උපදේශනය හා වෘත්තීය මාර්ගෝපදේශනය
අධ්‍යාපන සහ වෘත්තීය පුහුණුව -
2014 වසරේදී මරදාන වෛදික ජ්යෝතීර්විද්යාභිවර්ධන සංගමය විසින් කොළඹ ශ්‍රී ලංකා මහා පිරිවෙනේ (ඕඩේ පන්සල) ධර්ම ශාලාවේ මෙහෙයවූ පාඨමාලාවේදී ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ආනන්ද සෙනෙවිරත්න ගුරුතුමන් වෙතින් ජ්‍යොතිෂ ඉගෙනීමට අත්පොත් තැබුවෙමි.
2015 වසරේදී බොරැල්ල ඉසුරුවිල වේද ශාස්ත්‍ර අධ්‍යයන කේන්ද්‍රය අධිපති ජ්‍යොතිෂ විඥානාචාර්ය එම්. එල්. කුමාරසිංහ ඉසුරුවිල ගුරුතුමා වෙතින් වෛදික ජ්‍යොතිෂය හැදෑරීමි.
2022 වසරේදී දිවංගත මීමණ ආර්. රණවීර ශ්‍රීපති පද්ධති ජ්යොතිෂවේදීතුමන් වෙතින් ශ්‍රීපති ගුරුකුල ජ්‍යොතිෂ පාඨමාලාවේ පළමු අදියර නිම කළෙමි.
2024 වසරේදී ක්‍රිෂ්ණමූර්ති පද්ධති ගම්පහ එස්. ඩබ්ලිව්. රාජපක්ෂ ගුරුතුමන් වෙතින් ක්‍රිෂ්ණමූර්ති ජ්‍යොතිෂ මූලිකාංග හැදෑරීමි.
2025 වසරේදී වෛශ්‍රවණ සම්ප්රදායේ හින්දු කෝවිල් ආශ්‍රිතව භාවිතා වන ජ්‍යොතිෂ මූලධර්ම හා හින්දු අංක ශාස්ත්‍රය පර්යේෂණාත්මකව හා ස්වයං අධ්‍යයනයෙන් හැදෑරීමි.
2026 වසරේදී රත්නපුර ඊෂ්නාත් අධ්‍යන කේන්ද්‍රයේ අධිපති සමිත කහඳගම ගුරුතුමන් වෙතින් වාස්තු පලාපල කථනය ප්රමුඛ කරගත් වාස්තු ශාස්ත්‍ර පාඨමාලාව හැදෑරීමි.
මගෙන් ලබා ගත හැකි සේවාවන් -
ඔන්ලයින් ක්‍රමයට කේන්ද්‍ර පරීක්ෂාව
විවාහ පරීක්ෂාව
සුභ මුහුර්ථ සාධනය
ඔන්ලයින් ක්‍රමයට සහ නිවසට පැමිණ වාස්තු පරික්ෂාව
මා සම්බන්ධ කරගත හැක්කේ -
☎️ 0777 104485 (වට්ස්ඇප්)
📲 0777 104485 (දුරකථන)
https://www.youtube.com/@sadisivahini/
"????????"