අංක විද්‍යාව/සංඛ්‍යා ශාස්ත්‍රය හෙවත් අංක සඳහා ගුප්තමය වැදගත්කමක් ලබාදීමේ පුරාණ ක්‍රම ශිල්ප විවිධ ශිෂ්ටාචාර හා සංස්කෘතීන් රාශියක් විසින් භාවිතයට ගෙන ඇත. එහි මූලාරම්භය බැබිලෝනියානු, ඊජිප්තියානු වැනි ශිෂ්ඨාචාරයන් සමඟ සම්බන්ධ වේ.
වර්තමාන ලෝකයේ ප්‍රසිද්ධියේ භාවිතා වන අංක විද්‍යාව සම්බන්ධ දැනුම් පද්ධතීන් ලෙස පයිතගෝරියන් ක්‍රමය, චෝල්ඩියානු ක්‍රමය, හීබෲ යුදෙව් ක්‍රමවේද, චීන ක්‍රමවේද, නවීන අංකවිද්යා ක්‍රමවේද ආදිය දැක්විය හැකිය. එතරම් ප්‍රසිද්ධ නැතත් යම් ගුරැ කුල අතර රහසේ භාවිතා වන ඉතා බලගතු අංක විද්‍යා ක්‍රම ගණනාවක් ද පවතී. එමෙන්ම යුදෙව් ඡාතිකයින් අතරේ පැවති යම් යම් අංක විද්‍යා පද්ධතීන්ද ඉතා බලගතු වෙයි.
අංක විද්‍යාව සහ ජෝතිෂ්‍ය අතර අන්තර් සබඳතාවයක් ඇත. ග්‍රහවස්තුන් සඳහා අංක නියෝජනය වනසේ ග්‍රහ බලයන් පවරා ඇති අතර, එම අංක මගින් විශ්වයේ බලපෑම මිනිසා මත ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කර ඇත.
ඊජිප්තුවේදී අංක විද්‍යාව චාරිත්‍ර වාරිත්‍ර, ගෘහ නිර්මාණ ශිල්පය, පිරමීඩ තාක්ෂණය සඳහා මෙන්ම ගුප්තමය අනාවරණයන් සඳහා ද, චීනයේ දී එය ෆෙංෂුයි හා බැඳුණු යම් වාස්තු කාරණා ආශ්‍රිතවද ඉන්දියාවේදී ජන්මීන්ගේ අනාවැකි පැවසීම ආදියට ද යොදා ගැනිණි. නූතන අංක විද්‍යාවේ පදනම බොහෝ දුරට ගොඩනැගී ඇත්තේ පුරාණ ග්‍රීක ගණිතඥයෙකු හා දාර්ශනිකයෙකු වූ පයිතගරස්ගේ මතයන් වටාය. ඔහු විසින් ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර සඳහා සංඛ්‍යාත්මක වටිනාකම් ආදේශ කළ අතර සෑම අකුරකටම තමාටම අනන්‍ය වූ කම්පනයක් ඇති බව සඳහන් කළ අතර ඒවා මගින් පුද්ගලයා විශ්ලේෂණය කිරීම හා අනාගතය පුරෝකථනය කිරීමට හැකි බව පෙන්වා දුන්නේය.
මේ අනුව බලන කල විවිධ ශිෂ්ඨාචාර වලින්, විවිධ දැනුම් පද්ධතීන්ගෙන් පැවත එන්නා වූ විවිධ අංක විද්‍යා ක්රමයන් ඇති බව ඔබට වැටහෙනු ඇතැයි සිතමි. ගුප්ත ශාස්ත්‍ර හදාරන්නකු ලෙස මා අධ්‍යයනය කර ඇති අංක විද්‍යා ක්‍රම ගණනාවකි. ඉන් සමහර ක්‍රම ශිල්ප ඉතා නිවැරදිව අනාගත අනාවැකි කීම සඳහා භාවිත කළ හැකි අතර, සමහර ඒවායේ නිරවද්‍යතාවය පිළිබඳව ගැටලු සහගත තැන් අත්දැක ඇත්තෙමි.
සමිත ඩී කහදගම෴
ඊෂ්නාත් අධ්‍යන කේන්ද්‍රය
0772225023
1990/05/20 දින උපත ලද්දෙකුගේ 1990 කියන වසරේ අංක වන 1+9+9+0 එකට එකතු කළ විට 19 ලැබේ. එය නැවත තනි අංකයකට 1+9 ලෙස එකතු කළ විට 10 ලැබේ. එයද නැවත 1+0 ලෙස එකතු කළ විට 1 ලැබේ. මේ තනි අංකය "වසරේ මූලාංකය" ලෙස හඳුන්වයි
මාසයේ අංකය වන 05(මැයි) 0+5 ලෙස තනි අංකයකට එකතු කළ විට "මාසයේ මූලාංකය" ලෙස 5 ම ලැබෙයි.
දිනයේ අංකය වන 20, 2+0 ලෙස තනි අංකයකට එකතු කළ විට "දිනයේ මූල අංකය" ලෙස අංක 2 ලැබෙයි
ඒ අනුව 1990/05/20 දින උපත ලද පුද්ගලයකුගේ
වසරේ මූලාංකය - 1 ද
මාසයේ මූලාංකය - 5 ද
දිනයේ මූලාංකය - 2 ද වේ.
වසරේ මූලාංකයෙන් පුද්ගලයාගේ පරම්පරාව පිළිබඳවද, මාසයේ මූලාංකයෙන් පුද්ගලයාගේ සාමාන්‍ය තොරතුරු හා වටපිටාවද, දිනයේ මූලාංකයෙන් පුද්ගලයා ගැන ගැඹුරට චරිත ලක්ෂණ, ගතිගුණද කිව හැකිය.
ඊළඟ අංක විද්‍යා ලිපියෙන් උපන් දිනයට අදාල මූලාංකයෙන් පුද්ගලයාගේ ගතිගුණ චරිත ලක්ෂණ ගැන පලාපල පවසන ආකාරය ඉගෙන ගනිමු.
සමිත ඩී කහදගම෴
ඊෂ්නාත් අධ්‍යන කේන්ද්‍රය
0772225023