මට හමු වූ බොහෝ දෙනකුට ඇති ගැටලුවක් වූයේ අපල අවස්ථාවකදී කුමන දෙවිවරැන්ට පූඡා බාර හාර විය යුතුදැයි යන්නය.නමුත් අපලය පැමිනියාට පසු දෙවිවරැ පසුපස යනවාට වඩා ඊට පෙර සිටම තම ඉෂ්ඨ දේවතාවන් බලවත් කර ගැනීම මගින් අපල කාලයේදී ඇති වන්නා වූ අහිතකර ප්‍රතිඵල තුනී කර ගත හැකි බව මාගේ පෞද්ගලික අත්දැකීමයි.
ඔබගේ කේන්ද්‍රයේ වැඩිම දුරක් ගමන් කර සිටි ග්‍රහයා චර ආත්මකාරක ග්‍රහයා නම් වේ.ඔහු නවාංශක කේන්ද්‍රයේ සිටිනා ස්ථානයෙන් දොළොස් වැන්නේ සිටින ග්‍රහයාට අයිති දේවතාවා ඔබගේ ඉෂ්ඨ දේවතාවා වේ.එකී දොළොස් වැන්නේ ග්‍රහයන් කිහිපදෙනෙකු සිටීනම් වඩාත් බලවත් ග්‍රහයා අනුව ඉෂ්ඨ දේවතාවා හදුනා ගත යුතුය.එම ස්ථානයේ ග්‍රහයන් නොමැති නම් දොළොස් වැන්න අධිපතියාට අයිති දේවතාවා ඔබගේ ඉෂ්ඨ දේවතාවා වේ.
මෙකී ග්‍රහයා,
රවි නම් ශිව දෙවියන්ද,
සදු නම් මහා බ්‍රහ්මයාද,
කුඡ නම් කතරගම දෙවියන්ද,
බුධ නම් විෂ්ණු දෙවියන්ද,
ගුරැ නම් ශිව හා කතරගම දෙවියන්ද,
සිකුරැ නම් පාර්වතී මෑණියන්ද,
ශනි නම් විෂ්ණු දෙවියන්ද,
රාහු නම් ශිව දෙවියන්ද,
කේතු නම් විෂ්ණු දෙවියන්ද,
ඔබගේ ඉෂ්ඨ දේවතාවා වන්නේය.
අපල යනු වර්තමානයේ හෝ පෙර සසරේ ඔබ විසින් සිදුකලා වූ අකුසල ක්‍රියාවන් වේ. පාප ක්‍රියාවට ලැබෙන්නා වූ ප්රතිවිපාකය අපලයයි.
* ඔබගේ කර්මය ඉෂ්ඨ දෙවියකුට තබා බුදුරජාණන් වහන්සේට වුවද වැලැක්වීමට නොහැක. ඉෂ්ඨ දෙවියකුට වුවද කල හැක්කේ අදාල ප්‍රති විපාකය තුනී කිරීමට හෝ ඉදිරි සසරට කල් දැමීමට හැකි , ඔබ විසින්ම පෙර කරන කුසල කර්මයක් මතුකරගැනීමට හැකි වැඩපිළිවෙළකට,අපලය පල දීමට පෙර ඔබව යොමු කිරීමයි. එනිසා කෙටියෙන්ම කිවහොත් අපල සදහා හොදම පිලියම නම් සියලු බුදුවරැන්ගේ දේශනාවයි.
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්තපරියෝ දපනං
ඒතං බුද්ධානුසාසනං
සියලු සත්වයෝ නිදුක් වෙත්වා!
~සමිත ඩී කහඳගම~
0772225023
යම් ජන්මියකුගේ උප්පත්ති කේන්ද්‍රයේ රවි තැන්පත් රාශිය හරහා දැනට ගෙවෙන මහ දශාවේ අධිපති ග්‍රහයා හෝ අතුරු දශාවේ අධිපති ග්‍රහයා, ගෝචරයෙන් ගමන් කරනා කාලයන්වලදී මෙම අපලය ක්‍රියාත්මක වේ.
එකී ගෝචර ග්‍රහයා අසුභවාදී ග්‍රහයකු නම් අපල තත්ත්වය ඉතාමත් බරපතළ ලෙස ප්‍රතිවිපාක දීම සිදුවිය හැකිය. අසුභවාදී ග්‍රහයකු ලෙස අදහස් කලේ, එකී ග්‍රහයා වද, විපත්, ප්‍රත්‍යාරී ග්‍රහයකු වීම, බාධක ග්‍රහයකු වීම, සතුරු ග්‍රහයකු වීම, නීච ග්රහයෙකු වීම ආදිය වේ.
මෙම පාචක අපලය නිසා ඇතිවන ප්‍රධානතම අපලකාරී තත්ත්වය නම් නොයෙක් රෝග පීඩාදිය ඇතිවීමයි. එහි විශේෂ ලක්ෂණය වනුයේ වෛද්‍යවරුන්ටත් සොයා ගැනීමට ඉතා අපහසු රෝග පීඩා ඇතිවීමයි. කෙතරම් බෙහෙත් කරත් රෝග සුව නොවෙයි. බෙහෙත් ඇගට පත්තියම් නොවෙයි.
මෙවැනි රෝග පීඩාදිය සුව වීම පිණිස බෙහෙත් සමග ගුප්ත ප්‍රතිකර්ම ආදිය ද එකටම සිදුකළ යුතුය. බෝධි පූජා,සෙත් කවි, ශාන්ති කර්ම, පදිංචි නිවසේ වාස්තු නිවැරදි කිරීම්, යන්ත්‍ර සුර පැළඳීම, මැණික් ප්‍රතිකර්ම ආදී ශාන්ති කර්ම වලින් මෙම අපලයෙන් මිදිය හැකිවේ.
සමිත ඩී කහදගම෴
ඊෂ්නාත් අධ්‍යන කේන්ද්‍රය
0772225023
නාඩි ඡ්‍යොතිශ්‍ය ක්‍රම භාවිතා කොට පලාපල කීමේදි අන් ක්‍රම වලට වඩා පහසුවෙන් හා ඉක්මනින් පලාපල කථනය කල හැකි වීම මම මේ ක්‍රමය භාවිතා කිරීමට ප්‍රමුඛතම හේතුවයි.අඩු කාලයක් තුල වැඩි කේන්දර ප්‍රමාණයක් බැලිය හැකි නිසා මගේ කාර්යබහුලත්වයට හොදම පිලියම ලෙස මම මේ සිද්ධාන්ත භාවිතා කරමි.
මෙතැන් පටන් නාඩි සිද්ධාන්ත පාඩම් පෙලක් ගෙන ඒමට අදහස් කරමි. එම සිද්ධාන්ත භාවිත කිරීමට නම් නාඩි මූල සිද්ධාන්ත පිලිබදව හොද අවබෝධයක් තිබිය යුතුය. ( නාඩි පාඨමාලාවේ 13,14,15 යන පාඩම් සහ ප්‍රාණ හා මෘතගේ දැනුම සම්පූර්ණ කල ශිෂ්‍යයන්ට මෙම ලිපි පෙල ඉතාමත් වටී)
01. ගුරුගෙන් හතෙහි අසුභයකු සිටීම දරුවකු ලැබුණු පසු ජන්මියා ගැටලුවලට මුහුණ පායි
02. ගුරුගේ හතරවන ස්ථුල වටයේදී ගුරු ග්‍රහයා කුඡ මතින් ගෝචර වන සූක්ෂම වටයේදී ජන්මියා ඉඩකඩම් දේපළ නිවාස මිලදී ගන්නා කාලයයි
03. ගුරු සමග බුද සංයෝගව සිටින විට ශනි විසින් බුධව දකී නම් ඡන්මියාගේ රැකියාව, අධ්‍යාපනයට සම්බන්ධ රැකියාවක් හෝ අඨ්‍යාපන ආයතනයක රැකියාවක් වේ.
04. ගුරු මිථුනයේද, කුජ කටකයේ ද, සිටින විට ශනි ග්‍රහයා ගුරුගෙන් හතෙහි පිහිටි විට ජන්මියා මත්පැන් සම්බන්ධව ආදයම් උපයන්නකු වෙයි.
05. ගුරුගෙන් එකොළහේ සඳු තැන්පත් වී සිටි විට ජන්මියාට සහෝදරියන් සිටී.