අංකික වාස්තු පාඨමාලාවට පසුගිය වාරයේ පන්තියට සම්බන්ධ වුණු මහත්මියකගේ ගෙදර දළ සැලසුමක් තමයි ඉහතින් තියෙන්නෙ.
මෙම මහත්මියගේ එක් දුවණියකට විවාහ ප්‍රමාද වීමක් සිදුවෙලා තිබුණා. එන යෝජනා මොනවා හරි හේතු නිසා කඩාකප්පල්වීම, අවසාන මොහොතේ අවලංගු වීම් ආදිය අවුරුදු ගණනාවක් තිස්සේ පැවතී තිබුනු තත්ත්වයක් වුණා.
මේ දුව තරුණ කාලයේ ඇති කරගත්ත ප්‍රේම සබඳතා කිහිපයකටම දෙපාර්ශ්වයෙන්ම දැඩි විරෝධතා එල්ල වෙලා ඒවාත් නැවතිලායි තිබුණේ. පාඨමාලාවේ අපි සාකච්ඡා කරපු විදිහට මේ දුවනියගේ වාස්තු අංකය වන්නේ අංක හතරයි. වාස්තු අංකය, අංක හතර වන අයට ආදරය ප්‍රේමය විවාහය සහ ලිංගික ජීවිතය යන කාරණාවලට අසුභම දිශාව බටහිර දිශාවයි. දුවනියගේ නිදන කාමරය තිබුණේ මෙම සැලසුමේ A කියන බටහිර කාමරයේයි. එය ඇයගේ විවාහයට ඉතා අසුභ තත්ත්වයක්.
ඉතින් මේ පාඨමාලාවෙන් පස්සේ මෙම මහත්මිය තමාගේ දුවනියගේ නිදන කාමරය මාරු කරනවා මෙම සැලසුමේ B කියන නැගෙනහිර දිශාවේ කාමරය වෙතට ඒ සමගම ඇය තවත් පාඨමාලාවේදී උගන්වපු වාස්තු ප්රතිකර්මත් ඒ සම්බන්ධව කරනවා.
මෙම සුලු වෙනස්කම් කර දින විසි අටකට පමණ පසු දුවගේ විවාහ ගැටළුව විසඳිලා ඇයට ඉතා සුදුසු සහකරුවෙක් ලැබීමට මාර්ගය විවර වනවා. දැනට මාස හතරකට පමණ පෙරයි මෙම වාස්තු ප්‍රතිකර්ම සිදු කළේ. තව නොබෝ දිනකින් මේ යුවළගේ විවාහ උත්සවය පවත්වනවා.
ඉතින් පොත පතට පමනක් සීමා වන සිද්ධාන්ත නොව, ප්‍රායෝගිකව සත්‍ය අත්විදිය හැකි විශ්මය ඡනක ප්‍රතිපල ලබාගත හැකි විෂයක් තමයි ඕගොල්ලෝ අංකික වාස්තු පාඨමාලාව යටතේ අධ්‍යනය කරන්නේ..
26/06/2025
මේ මම වාස්තු බලපු නිවසක්. දිශා බෙදලා අංශක ගණනය කලාට පසු ගෙදර ගෘහ මූලිකයා ආර්ථික ස්ථායිතාවය ලැබීම හා ධන වාසනාව ලැබීම සඳහා තමාගේ නිදන ඇඳ ස්ථානගත කරගත යුත්තේ X ලෙස හඳුන්වා තිබෙන සාලය ප්‍රදේශයේ. මොකද ස්ථාවර වාස්තු ශක්තිය යටතේ ධන නිලය අල්ලලා තමයි ගෙදර හිමිකරු නිදා ගත යුත්තේ. එවිට ධන නිලයේ පවතින අණුක ශක්තිය ඔහු විසින් උරා ගනු ලබනවා නින්දේදී. නමුත් මේ ගෙදර හැටියට කඩා බිඳ දමලා තමයි මොහුට මැදසාලය නිදන කාමරයක් කර ගත හැක්කේ. විශාල වියදමක් යනවා ඒකට.
මම දීපු වාස්තු ප්රතිකර්මය තමයි ස්ථාවර වාස්තු ශක්තිය යටතේ අපි හදුනාගත් ධන නිලය බලවත් කිරීම සඳහා වර්ණ චක්‍ර ප්රතිකර්මයන් සිදුකිරීම. එතකොට ධන නිලය බලවත් වෙනවා.
ඒක කරලා පුද්ගලික වාස්තු ශක්තිය යටතේ ඔහුට පුද්ගලිකව ධනයට බලපාන දිශාව වාස්තු අංකය යටතේ ගණනය කරලා ඒ පුද්ගලික ධනවාසනාව සහිත දිශාවට ඔහුගේ නිදන කාමරය මාරු කිරීම සිදුකිරීමයි.ඔහුගේ උපන් දිනයට අනුව වාස්තු අංකය ගණනය කලපසු ඔහුගේ ධනයට බලපාන පුද්ගලික දිශාව වනුයේ Y ලකුණ සහිත කාමරයයි. වෙනස් කිරීම් කරලා මාස දෙකක් ඇතුළත ඔහු වගාවක් සම්බන්ධ ව්‍යාපාරයක් කළේ, ඒ වගාවෙන් ඔහු මෙතෙක් ලබපු විශාලතම ලාභය ලබනවා.
30/08/2024